• LOGIN
  • No products in the cart.

video

 

OUR STORY 

 

ආයුබෝවන් !

 

අපේ රටේ හුග දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි ඉංග්‍රීසි කියන්නේ.

පාසල් දරුවන්ට, විශ්ව විද්යාල වල සිසුන්ට වගේම වෘත්තීය මට්ටමේ ඉන්න කෙනෙක්ටත් විතරක් නෙවෙයි, කොටින්ම ඔබ ගෘහනියක් උවත් අද කාලෙ ඉංග්‍රීසි දැනුම  ඔබට අනිවාර්ය දෙයක්. 

 

ඉංග්‍රීසි තමයි අද දැනුම ලබා ගැනීමට ඇති ප්‍රධානම මාධ්‍ය වෙන්නෙත්.

ඒ වගේම ඉංග්‍රීසි තමයි අද කාලෙ ව්‍යාපාර කරන කෙනෙක්ට තියන වටිනම සුදුසුකම. 

උසස් අධ්‍යාපනයට ඉංග්‍රීසි වල තියෙන වටිනකම ඇත්තමට අපි කතා කරන්නත් අනවශ්‍යයි. 

ඒ වගේම තමයි ඔයා වෙනත් රටක අධ්‍යාපනයට නැත්නම් පදින්චියට යන්න හිතන් ඉන්නව නම්, 

IELTS,GRE වගේ විභාග වලට සූදානම් වෙනව නම්, ඉතාම නිවැරදිව ඉංග්‍රීසි දැනන් ඉදීම හරිම වැදගත්.

 

තවත් ගත්තොත්, අද කාලෙ හුගක් දෙනා අන්තර්ජාලය පදනම් කරගත් භාණ්ඩ හා සේවා වලින් මුදල් ඉපයීමට ලොකු උනන්දුවක් දක්වනවා. 

එහෙම කෙනෙක්ට තමන්ගෙ කාර්ය සාර්තකව කරගෙන යෑමට , හොද ආදායමක් ලැබීමට නන් නිවැරදිව ඉංග්‍රීසි හැසිරවීමට හැකිවීම ඉතාම අත්‍යාවශ්‍ය මූලිකම සුදුසුකමක්. 

නමුත් අපි හුග දෙනෙක්ට ඉංග්‍රීසි තාමත් ප්‍රශ්නයක්. 

 

අවුරුදු 13ක්ම ඉස්කොලෙන් වගේම තවත් නොයෙක් තැන් වලින් මේක ඉගෙනගෙනත්, හුග දෙනෙක්ට තාම හරියට ඉංග්‍රීසි ඉගෙනගන්න බැරි වෙලා තියෙනවා.

 

මේකට මූලික හේතුව ඔයාගෙ නොහැකියාව නෙවෙයි. 

 

කුමක් හෝ හේතුවක් නිසා සමස්තයක් වශයෙන් අපේ රටේ ඉංග්‍රීසි උගන්නන බහුතරයක් තැන්වල අනුගමනය කරන වැරදි ක්‍රමවේදය. 

විශේෂයෙන් අපේ පාසල් විශය නිර්දේශය නිවැරදිව පෙලගස්වා තිබෙනව නන්, අවුරුදු 13 ක් තුල මේක ඉගෙනගන්න ඔයාට කොහොමත්ම බැරි වෙන්නෙ නැහැ.

ඉතින් ඒ අඩුව පුරවන එක තමයි අපේ ඉලක්කය. 

 

 

අපි මේ කියන දේ ගැන ඔයත් එකග වෙනව ඈති.

හිස්තැන් පුරවලා, වාක්‍ය කටපාඩම් කරල එහෙමත් නැත්නම් චිත්‍රපටි කොටස් පෙන්නලා, ඉංග්‍රීසි හෝ කිසිම භාශාවක් ඉගෙන ගන්න බෑ හරියට. 

දවසෙන් හෝ සතියෙන්, එහෙම නැත්නම් මාසෙන් මේ දේ කරන්නත් බෑ .

එහෙම තැන් වලට ගිහින් සල්ලි නාස්ති කරගෙන තියෙනවා නම් අනිවර්යෙන්ම ඔයා මේ දේට එකග වෙයි.

නියම මූලික පදනමක් නැතුව හදිසියෙ කරන කිසිම දේකට පැවැත්මක් නෑ වගේ තමයි මේ දේත්.

 

ඔයා තාම පාසල් යනව වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් උසස් අඩ්‍යාපනය හදාරන එහෙමත් නැත්නම් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුලුවන්, නමුත් මේ මොන කොටසට අයිති කෙනෙක්ට උනත් 

ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන ක්‍රමය එකයි. 

විවිද නම් වලින් අපේ රටේ නොයෙකුත් ආයතන සහ පුද්ගලයින් ඉංග්‍රීසි අධ්‍යාපනය මුවාවෙන් ලොකු වන්චාවක් මේ රටේ මිනිස්සුන්ට කරනවා, හැමෝම නෙවෙයි හුග දෙනෙක්.  

දින 7න් දින 30 ඉංග්‍රීසි වගේ පාඨමාලා හුගක් මේ වගේ වංචා, ඒ ගැන කතා  දෙකක් නැහැ.

තවත් සමහරක් ගුරුවරු ඉංග්‍රීසි නොදන්න ලමුන්ට ඉංග්‍රීසි උගන්වන්නෙත් ඉංග්‍රීසියෙන්මයි.

මොහොතක් සිතා බලන්න ඔබ සින්හල නොදන්න ඉංග්‍රීසි ජාතිකයෙක්ට සින්හලෙන් සින්හල උගන්වන්නේ කොහොමද කියලා. එය බොහොම අසාර්ථක ක්‍රමයක්, අපේ අභාග්‍යයකට මේ වැරදි ක්‍රමවේදයන් තාමත් නිවැරදි වෙලා නැහැ.

Spoken English කියන්නෙත්  ඒ වගේම මිථ්‍යාවක්, මොකද ඉංග්‍රීසි භාශාවෙ ලියන්න සහ කතා කරන්න විදි දෙකක් නැහැ තියෙන්නෙ එක ක්‍රමයයි. කථන හැකියාව දියුණු කරගැනීම වෙනම ප්‍රායෝගිකව කල යුතු දෙයක්, නමුත් ඊට  පලමුව භාෂාවේ මූලික කරුණු හරිහැටි දැන සිටීම ඉතාම අවශ්‍යයි. 

 

මූලික දැනුම තියනව නම් එතනින් එහාට තමන්ට අයත් ක්ෂේත්‍රයට අදාල වෙන විදියට විශේෂ වචන හෝ ලියන කියන රටාවක් තියෙනවා නම් ඒක තනියම උනත් ඉගෙන ගන්න පුලුවන්. 

උදාහරනයක් දුන්නොත්, දොස්තර කෙනෙක්ට දිනපතා ඕනෙ වෙන වචන ටික නෙවෙයි නීතී වේදියෙක්ට හරි පිලිගැනීම් නිලදාරියෙක්ට හරි අවශ්‍ය වෙන්නෙ. 

නමුත් ඔවුන්ට අවශ්ය භාෂාවෙ මූලික කරුනු 100 % ක් සමානයි.  

 

ඉතින් මේ තරම් කාලයක් ඔය වගේ වැරදි ක්‍රම වලින් ඉගෙන ගන්න ගිය  නිසා තමයි අපි හුග දෙනෙක්ගෙ ඉංග්‍රීසි දැනුමේ අඩුවක් තියෙන්නේ. ඒ අඩුව පුරවන්නයි අපි මේ උත්සහ කරන්නේ. 

 

හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් කරන්න තියෙන දේ හරිම සරලයි.

 

1 පොදුවේ බහුලව භාවිතා වන වචන හැකිතාක් ඉගෙන ගැනීම.

2 ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ සියල්ල නිවැරදිව සහ නිවැරදි පිලිවෙලට ඉගෙන ගැනීම

3 නිතර නිතර ඉංග්‍රීසි භාශාව භාවිතා කිරීමට ආරම්භ කිරීම. 

 

නමුත් මේ කටයුත්ත සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන් ම ඔබට නිවැරදි මග පෙන්වීමක් අවශ්‍යයි. අපි සූදානම් ඒ මග පෙන්වීම ඔබට ලබා දෙන්න. 

 

අපේ වෙබ් අඩවිය   තුලින් ඔයාට පුලුවන් ඔයාට පහසු වෙලාවක පහසු තැනක ඉදන් , බොහොම පිලිවෙලට සහ පැහැදිලිව පෙලගස්වපු අපේ පාඩම් අන්තර්ජාලය තුලින් නරඹන්න. අවශ්‍ය කරන  වචන මාලා , 

ගැටලු වැනි  අනෙක් සියලු දේත් video පාඩම සමගම ලබාගන්න පුලුවන්. ප්‍රශ්න වලට පිලිතුරු ලියලා දැනුම පරික්ශා කරන්න වගේම ගැටලු සහගත දෙයක් තිබුනොත් comment කරල අහල දැනගන්නත් පුලුවන්.

 

අපේ මේ උත්සාහය මුදල් මතම පදනම් උන එකක් නෙවෙයි. අපි මේක සලකන්නෙ කාලීන සමාජ සේවයක් විදියට, නමුත් මේ කර්තව්‍යය පවත්වාගෙන යෑමට යම් මුදලක් අවශ්ය වෙන නිසා,

අපි පාඩමක් සදහා 2$  වගේ බොහොම සාදරණ මුදලක් අය කරනව. නමුත් ඉංග්‍රීසි අධ්‍යාපනයේ වටිනකම තියෙන කෙනෙක්ට ඒ මුදලට වඩා හුගක් වටින දෙයකුයි අපි ලබා දෙන්නෙ. 

 

මුල් පාඩම් කිහිපයක්ම නොමිලේ නරඹන්න පුලුවන් මේ ගැන ඔයාට අදහසක් ගන්න. 

නොමිලේ දෙන ඒ පාඩම් වල උගන්න විදිය තේරෙනවා නම් සහ අපි ගැන විශ්වාසයක් ඇති වෙනව නම් විතරක් ඔයාට

පුලුවන් ඉතුරු පාඩම් වලට සුලු මුදලක්  ගෙවල නරඹන්න. එක් වරක් ඒ සුලු මුදල ගෙව්වම  අවශ්‍ය තරම් වාර ගානක් ඒ පාඩම බලන්න පුලුවන්.

අපි විශ්වාස කරනව ඒක බොහොම සාධාරණ ක්‍රමයක් කියල. ඉතින් දැන්ම පටන් ගන්න. 

ඔබට ජය !

 

 

EnglishMaster.lk © 2020  All rights reserved.